BREAKING NEWSPOLITICS

පාස්කු ප්‍රහාරය සම්බන්ද තවත් වාර්තාවක් හෙට ජනපතිට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ වාර්තාව ලබන සදුදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාරදීමට නියමිත බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ මෙම වාර්තාව ජනාධිපතිවරයාට භාරදීමෙන් අනතුරුව එය ප්‍රකාශයට පත් කෙරෙනු ඇති බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශ නැවත අධීක්ෂණය කර එය ක්‍රියාත්මක කරන ආකාරය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් අමාත්‍ය අනු කමිටුවක් පත්කළා. චමල් රාජපක්ෂ, උදය ගම්මන්පිල, ප්‍රසන්න රණතුංග, ජොන්ස්ටන් ප්‍රනාන්දු, හා රෝහිත අබේගුණවර්ධන යන අමාත්‍යවරු ඊට ඇතුළත්.

අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ඉකුත් මස 15 වැනිදා භාරදීමට නියමිතව තිබූ අතර වැඩිදුර විමර්ශනය කිරීම සඳහා කමිටුව විසින් තවත් සති දෙකක කාලයක් ලබා ගනු ලැබුවා. ඒ අනුව කමිටු වාර්තාව හෙට කැබිනට් මණ්ඩලය රැස්වීමට ප්‍රථම ජනාධිපතිවරයාට ලබා දීමට නියමිතයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button