SMART UPDATEVIRAL NEWS

කොරෝනාවෙන් ලොවම පීඩා විදිද්දී දෑස් අන්ධ වන තවත් දුර්ලභ ‌වෛරසයක් මතුවේ

කොරෝනා වෛරස් වසංගතයේ දෙවන රැල්ලෙන් දැඩි පීඩාවකට ලක්ව සිටින ඉන්දියාවේ සුව වූ සහ සුවය ලබමින් සිටින කොරෝනා රෝගීන් අතරත් ඉතාමත්ම දුර්ලභ මාරාන්තික කළු පුස් රෝගයක් පැතිර යන බව වාර්තා වේ.

කන, නාසය සහ උගුර ආශ්‍රිතව පැතිරෙන මෙම කළු පුස් ආසාදනය ඇස් සහ මොළය දක්වාම පැතිර යා හැකි බව මේ වන විට අනාවරණය කරගෙන ඇත.

මෙහිදී ඇතැම් විට අන්ධභාවයද ඇතිවිය හැකි අතර මෙලෙස කොරෝනා ආසාදිතව සිට කළු පුස් රෝගයට ගොදුරු වූ 25 හැවිරිදි කාන්තාවකගේ දිවි ගලවා ගැනීම සඳහා ඇයගේ ඇසක් ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් සිදුකළ බව මුම්බායි නුවර වෛද්‍යවරුන් විසින් ප්‍රකාශ කර ඇත.

කොරෝනා ආසාදිත රෝගීන් අතර පැතිරෙන මියුකෝ මයිකොසිස් නැමැති දිලීරය පසේ, ශාඛවල මෙන්ම නරක්වන එළවළු සහ පළතුරුවලද දැකිය හැකි වූවත්, නීරෝගී පුද්ගලයින්ට ආසාදනය වන්නේ ඉතාමත්ම කලාතුරකින් බවද පැවසේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button