BREAKING NEWSEXCLUSIVE

ඇමති කෙහෙලියගෙන් සුපිරි වැඩක් – මාධ්‍යවේදීන්ට තවත් වරප්‍රසාදයක්

ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් ලංකාව පුරා විසිරී සිටින සියළුම ජනමාධ්‍යවේදීන් සදහා රක්ෂන ක්‍රමයක් ආරම්භ කර තිබෙනවා.

සෞභාග්‍යයේ දැක්ම යථාර්ථයක් බවට පත් කරමිනුයි ජනමාධ්‍යවේදීන් සඳහා කිසිදු අයෙක් කිරීමකින් තොරව ලබා දෙන ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් මේ වන විට ආරම්භ කර ඇත්තේ. ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සංකල්පයක් මත මෙය ක්‍රියාත්මක වනවා.

2021-2022 වසර සදහා අයදුම්පත් කැදවීම මේ වන විට ආරම්භ කර ඇති අතර අදාල අයදුම්පත හා වැඩි විස්තර ජනමාධ්‍ය අමාත්‍යංශෙයේ වෙබ් අඩවියෙන් ලබා ගත හැකියි. http://www.media.gov.lk

මේ සම්බන්ධව ලියාපදිංචි වීම සදහා නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත් ජුනි මස 30 වනදාට පෙර අතිරේක ලේකම්(සංවර්ධන හා සැලසුම්), අංක 163, ඇසිදිසි මැදුර, කිරුළපන මාවත, පොල්හේනගොඩ, කොළඹ 05 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතු අතර, එම ලිපියේ වම් කෙලවරේ “ඇසි දිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂනය ” ලෙස සටහන් කල යුතු වනවා.

සම්පුර්ණ කරන කල අයදුම්පතෙහි ඡායා පිටපතක් ad.secdev.media@gmail.com යන ලිපිනයට විද්‍යුත් තැපෑල හරහාද යොමු කිරීමට හැකියාව පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button