BREAKING NEWSEXCLUSIVE
රුසියාව හා යුක්රේනය අතර තවත් සාම සාකච්ඡාවක්

සති දෙකකට පසු රුසියා යුක්රේන පාර්ශ්ව අතර සාම සාකච්ඡා අද තුර්කියේ ස්තාන්බුල් අගනුවරදී පැවැත්වීමට නියමිතයි.
දෙපාර්ශ්වයේම නියෝජිතයින් මේ වනවිට තුර්කියේ ස්තාන්බුල් අගනුවරට පැමිණ සිටිනවා.දෙපාර්ශ්වය අතර මුහුණට මුහුණ සාකච්ඡා පැවැත්වෙන්නේ සති දෙකකට පමණ පසුවයි. මෙවර සාකච්ඡා තුර්කි ජනාධිපති තයිප් එර්දෝගන්ගේ ප්රධානත්වයෙන් පැවැත්වෙනවා.
සටන්විරාමයක් ආරම්භ කිරීම සාම සාකච්ඡාවල ප්රධානම අරමුණ බවයි යුක්රේනය පවසන්නේ. සාකච්ඡා වට කීපයක් පැවතිය ද මේ වන තෙක් එකඟතාවට පැමිණීමට සමත්ව නැහැ.