BREAKING NEWSEXCLUSIVEOTHERSPORTS
ශ්රී ලංකාවට තවත් පැරාලිම්පික් පදක්කමක්

ටෝකියෝ පැරාලිම්පික් උළලේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්රී ලංකා ක්රීඩකයෙක් අද (30) සමත්වුනා.
ඒ අනුව පිරිමි හෙල්ල විසිකිරීමේ (F 64) ඉසව්ව නියෝජනය කළ සමිත දුලාන් කොඩිතුවක්කු එහි ලෝකඩ පදක්කම දිනා ගනු ලැබුවා.
මේ වනවිට පැරාලිම්පික් උළෙලේදී පදක්කම් 2ක් දිනා ගැනීමට ශ්රී ලංකාව මේ වනවිට සමත්වී ඇත.
පැරාලිම්පික් ක්රීඩා උළෙලේදී ශ්රී ලංකාවට පළමු රන් පදක්කම දිනා දීමට දිනේෂ් ප්රියන්ත හේරත් අද පෙරවරුවේ සමත්වුනා.
ඒ නව ලෝක වාර්තාවක් ද තබමිනි.