BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියනයක් දිවයිනට…

චීනයේ නිෂ්පාදිත තවත් සයිනොෆාම් එන්නත් මිලියනයක තොගයක් අද අලුයම දිවයිනට ළඟාවුණා.

ගුවන් තොටුපල වාර්තාකරු සඳහන් කළේ බීජිං නුවර සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරණ යානයෙන් අද අලුයම පහට පමණ මෙම එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල වෙත රැගෙන ආ බවයි.

ගොඩබෑමෙන් අනතුරුව එන්නත් තොගය කටුනායක ගුවන් තොටුපල ගුවන් භාණ්ඩ ගම්මානයේ ආනයන අංශයේ ගබඩා කර ඇති අතර, පසුව ඖෂධ සංස්ථාවේ ශීතකරණ පහසුකම් සහිත විශේෂ ට්‍රක්රථ මගින් කොළඹ මධ්‍යම ඖෂධ ගබඩා සංකීර්ණය වෙත රැගෙන ගොස් තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button