BREAKING NEWSEXCLUSIVE

තවත් කොවිඩි රැල්ලකට අත වනන මිනිස්සු..

සති කිහිපයක් පනවා තිබූ පළාත් අතර සංචරණ සීමා ඉවත් කිරීමත් සමග ඊයේ (31දා) ඇඹිලිපිටිය චන්‍ද්‍රිකා වැවේ පිටවානේ දිය නෑමට සහ විනෝද වීමට විශාල පිරිසක් ගොස් සිටියා.

එසේ පැමිණ සිටි පිරිස් සෞඛ්‍ය නීනී කිසිවක් පිළි නොපදමින් දිය නාමින් විවිධ ජල ක්‍රිඩා කරමින් හැසිරෙන්නට වුයේ තවත් කෝවිඞ් රැල්ලකට කඩිනමින් අත වනමින්.

සමහරු යතුරු පැදි සහ ත‍්‍රීරෝද රථ පිටවානේ පාර ඔස්සේ වේගයෙන් ධාවනය කරමින් අනතුරුදායක ක්‍රීඩා වල ද නිරතව වී තිබුනා. සාමය කඩවන ලෙස ආරවුල් කර ගනිමින් සිටි කණ්ඩායම් ද ඒ අතර විය.

පැමිණ සිටි පොලිස් නිලධාරීන්ගේ අවවාද නොතකමින් බිමත් පුද්ගලයන් අතර ගැටුම් කිහිපයක් ද ඇතිවිය. වැඩිහිටි, තරුණ සහ බාල යන වයස් කාණ්ඩවල කාන්තා පිරිමි මෙසේ දහස් ගණනක් එහි ගොස් තිබුණා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button