BREAKING NEWSEXCLUSIVEINTERNATIONAL NEWS

තවත් දරුවෙක් ලිං කුහරයක අවසන් සුසුම් හෙලයි..

දකුණුදිග ඇෆ්ගනිස්තානයේ සාබුල් පළාතේ ලිං කුහරයකට වැටී එහි සිරවී සිටි හය හැවිරිදි දරුවා ද මියගොස් තිබෙනවා.

අඩි 32 පමණ ගැඹුරේ දින 03 පමණ කාලයක් දරුවා සිරව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

හයිදර් නමින් හඳුන්වන මෙම දරුවා ලිං කුහරයේ වැටී සිටින අයුරු නිරීක්ෂණය කිරීමට කැමරාවක් යොමුකර තිබෙනවා.

එහිදී නිරීක්ෂණය වී ඇත්තේ දරුවාගේ ඉනෙන් ඉහළ කොටස පමණක් සෙලවීමට හැකිවන පරිදි සිරවී සිටින බවයි.

සහන සේවකයින් සහ ඇෆ්ගනිස්තාන නව පාලකයන් වන තලෙයිබාන් නව රජයේ නිළධාරීන් එක්ව දරුවා මුදා ගැනීමේ මෙහෙයුම් ආරම්භ කර තිබුනා. දරුවා සිරවී සිටින ලිඳේ ගැඹුර අඩි 80ක් පමණ වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඔහු රැඳී සිටින්නෙ පොළොව මට්ටමේ සිට අඩි 32 පමණ ගැඹුරේ බැවින් කැණීම් කටයුතු ඉතා කල්පනාවෙන් සහ ප්‍රවේශමෙන් සිදු කෙරුනා.

මෙම පිරිමි ළමයා බේරා ගැනීමට පැය විසිහතර පුරාම වෙහෙසීමෙන් පසු ඔහු පිටතට ගැනීමට සහනදායි කණ්ඩායම් සමත් වී තිබෙනවා..
නමුත් ප්‍රාදේශීය මාධ්‍යවේදියෙකු බීබීසී පුවත් සේවයට පවසා තිබෙන්නේ දකුණු දිග සාබුල් පළාතේ ළිඳෙන් පිරිමි ළමයා පිටතට ගන්නා විට දරුවා හුස්ම නොගත් බවයි..

බ්‍රහස්පතින්දා සිට ළිඳෙන් කිසිදු ශබ්දයක් පිට නොවූ බව සහනදායි කණ්ඩායම් පවසා තිබෙනවා..
ගලවා ගැනීමේ කණ්ඩායම පිරිමි ළමයා වෙත ළඟා වීමට පොළව තුළට අගලක් හාරා ඇති බවත් ඔහුව හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා හෙලිකොප්ටරයකින් කාබුල්හි රෝහලකට රැගෙන යාමට නියමිතව තිබුණ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා..

ගලවා ගැනීමේ මෙහෙයුම අවසන් වූ පළමු මිනිත්තු කිහිපය තුළ ඔහු හුස්ම ගනිමින් සිටි අතර වෛද්‍ය කණ්ඩායම ඔහුට ඔක්සිජන් ලබා දී තිබෙනවා..
Zabul පොලිස් ප්‍රකාශක Zabiullah Jawhar පවසා තිබෙන්නේ වෛද්‍ය කණ්ඩායම ඔහුව හෙලිකොප්ටරයට ගෙන යාමට උත්සාහ කළ විට ඔහුගේ ජීවිතය අහිමි වූ බවයි..

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button