BREAKING NEWSEXCLUSIVE

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් අයෙක් මාවනැල්ලේදී අත්අඩංගුවට

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව 32 හැවිරිදි පුද්ගලයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

අදාල පුද්ගලයා ඔන්ලයින් රෙදිපිළි ව්‍යාපාරයක් පවත්වාගෙන ගොස් ඇති අතර ඔහුව රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කෙරෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කලා.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙස හඳුනාගෙන සිටින සහරාන් හෂීම් නැමැත්තා 2018 වසරේ අවසාන කාලයේදී ලංකාවේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් තරුණයින් සම්බන්ධ කරගෙන පන්ති පවත්වා ඇති බවට අනාවරණය වී ඇති අතර එම පන්ති හරහා අන්තවාදී සහ වහබ්වාදී මතවාද තරුණයින් අතර ප්‍රචාරය කිරීමට සහරාන් උත්සාහ ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර සිටියා.

මෙම පන්ති සංවිධානය කළ පුද්ගලයින් සහ එම පන්ති තුළ ඉගැන්වීම් කළ පුද්ගලයින් සොයා නිරන්තරයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවද මේ වනවිට එවැනි පුද්ගලයින් 13 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන බවද ඔහු වැඩි දුරටත් සදහන් කලා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button