BREAKING NEWSEXCLUSIVE

සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් වෙද්දි තවත් කොවිඩ් මරණ 41ක්..

තවත් කොරෝනා ආසාදිත මරණ 41ක් වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,702ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 23 දෙනෙකු ඊයේ තහවුරු කළ මරණ අතරට අයත්ය.
මියගොස් ඇති අයගෙන් 29 දෙනෙකුම වයස අවුරුදු 60ට වැඩි අය වනවා.

මේ අතර,
කොවිඩ් 19’ ව්‍යාප්තිය හේතුවෙන් පනවා තිබූ සීමා ලිහිල් කරමින් තවත් ක්ෂේත්‍ර රැසක් විවෘත කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අද (16) පෙරවරුවේ නිවේදනය කර සිටියා.
ඒ අනූව,
ආගමික ස්ථාන සහ ආගමික උත්සව, සත්ව උද්‍යාන, වනජීවි උද්‍යාන, ළමා උද්‍යාන, නවාතැන් ස්ථාන, ඔට්ටු ඇල්ලීමේ ස්ථාන, ශාලා සංගීත සංදර්ශන, ත්‍රාසජනක ක්‍රියාකාරකම් ස්ථාන සහ භෞතික සම්බන්ධ නොවන කණ්ඩායම් ක්‍රීඩා තරග සඳහා සීමා ලිහිල්කර තිබෙනවා.
ගෘහස්ථ සංගීත සංදර්ශන අදාල ශාලාවේ ආසන ධාරිතාවෙන් සියයට 50 ක ප්‍රේක්‍ෂකයන් සහිතව පැවැත්වීමට අවසර හිමිව තිබෙනවා. කෙසේ වෙතත් සැණකෙළි සහ සංදර්ශන සඳහා අවසර නොලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පවසනවා.

සත්ව උද්‍යානයවලට වරකට ඇතුළත්කළ හැකි නරඹන්නන්ගෙන් සියයට 25 ක් පමණක් ඇතුළත් කළ යුතුය.

මෙම සියලුම ලිහිල් කිරීම් ක්‍රියාත්මක කළ යුත්තේ කොවිඩ් 19 පූර්වආරක්‍ෂක ක්‍රම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යැයි ද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියා.
 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button