BREAKING NEWSPOLITICS

දේවානිගේ ගැටලුවට අනිල්ගෙන් විසදුම්..

මීගමුව කලපුවෙන් ඉවත් කර ඇති රොන්මඩ සහිත පස් තොගයෙන්  වැලි වෙන් කර ගැනීමේ හැකියාව ගැන සොයා බැලීමේ තීරණයක් ගෙන ඇතැයි පරිසර අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පසුගිය දා ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමේදී අවධානයට යොමු වූ මීගමුව කලපුවෙන් බැහැර කර ඇති විශාල පස් තොගය සම්බන්ධව පළ වූ වාර්තා සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශයේ අවධානය යොමු කර ඇති බවය.

ගම්පහ සංවර්ධන කමිටු රැස්වීමේදී මේ සම්බන්ධව දිස්ත්‍රික් අඩවිවන නිලධාරිනි දේවානි ජයතිලක මහත්මිය හා ප්‍රදේශයේ මැති ඇමැතිවරුන් සමග උණුසුම් වචන හුවමාරුවක් සිදු විය.

ඊයේ පස්වරුවේ(31)පරිසර අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මේ පිළිබඳව හා තවත් කරුණු කිහිපයක් සම්බන්ධව මධ්‍යම පරිසර අධිකාරිය, භූවිද්‍යාසමීක්ෂණ හා පත ල් කාර්යාංශය, ව නජීවි හා ව නසංරක්ෂණ අමාත්‍යංශවල ලේකම් හා රාජ්‍ය ලේකම් සමග සාකච්ඡාවක් පැවැත්වූ බව පරිසර අමාත්‍යංශය පවසයි.

එහිදී රොන් මඩ සහිත පස් තොගය 2018 වසරේදී ධීවර අමාත්‍යාංශයේ කලපු සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉවත් කර ඇති බවත් දේවානි ජයතිලක මහත්මිය මෙම පස් තොගය කඩොලාන පරිසරයෙන් ඉවත් කරන ලෙස දැනුම් දුන්න ද, ධීවර අමාත්‍යංශය ඒ සම්බන්ධව කිසිදු පියවරක් ගෙන නැති බවත් පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා තහවුරු කරගෙන තිබේ.

මෙම ගැ ටලුවට විසඳුමක් දීමක් වශයෙන් මෙම රොන් මඩ සහිත පස් තොගයෙන් වැලි සෝදා ඉවත් කර ගත හැකි දැයි වහා ම සොයා බලා, එසේ වැලි ඉවත් කර ගැනීමේ හැකියාවක් ඇත්නම් ඊට වහා ම මැදිහත් වන්නැයි පරිසර අමාත්‍යංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා භූවිද්‍යාසමීක්ෂණ හා ප තල් කැණීම්කාර්යාංශයට උපදෙස් දී ඇත.

මෙම කටයුතු ප්‍රමාද නොකරන ලෙසත් මෙම සතිය තුළ ම නි ලධාරින් පිරිසක් යවා ඊට අදාළව පියවර ගෙන තමන්ට වාර්තා කරන ලෙස ද ලේකම්වරයා උපදෙස් දී ඇතැයි අදාළ නිවේදනයේ දැක්වේ.මෙම පියවර සාර්ථක වුවහොත් මෙම ගැටලුව එතැනින් ම අවසන් කළ හැකි බවත් ලේකම්වරයා සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button