GOSSIP NEWSVIRAL NEWS

“සජිත් ප්‍රේමදාස සමග අනියම් සම්බන්ධ කටකතාව” ඇන්ජලා සෙනෙවිරත්න පොලීසි යයි.!

සමාජජාලා මාධ්‍යයන් තුල මේ වනවිට ප්‍රචාරය වෙමින් පවතින පුවතකට එරෙහිව ජනප්‍රිය සිනමා නිළියක වූ ඇන්ජලා සෙනවිරත්න මහත්මිය සයිබර් අපරාධ අංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ මේ දිනවල ෆේස්බුක්, ට්විටර් ඇතුලු මාධ්‍ය වල ප්‍රචාරය වෙමින් පවතින අතීත කතා පුවතක් සම්බන්ධයෙන් ඇන්ජලා සෙනෙවිරත්න මෙලෙසට පැමිණිලි කර තිබුණි.

එම කතාව නම් රණසිංහ ප්‍රේමදාස ජනපතිවරයාගේ සමයේ එවකට තරුණ සජිත් ප්‍රේමදාස මහතා සමග ඇන්ජලා සෙනෙවිරත්න හෝටලයකට ගිය පුවත දැනගත් හේමා ප්‍රේමදාස ආරක්ෂකයන් යවා ඇන්ජලා සෙනෙවිරත්නට තර්ජනය කර ඇයගේ කොන්ඩය කපා දැමූ පුවතයි.

සිය පැමිණිල්ල තුළින් ඇය දක්වා සිටින්නේ සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය හිමිවීමෙන් අනතුරුව පිරිසක් විසින් පතුරවා හරිනා මෙම ප්‍රචාරයේ තමන් පාර්ශවයක් වීම මගින් තමන්ට අසාධාරණයක් වී ඇති බවයි.

මැතිවරණ ආසන්න සමයේදී මඩ ප්‍රචාරණයන් සිදුවන අතර එයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුය. නමුත් පැරණි කතා සත්‍ය නම් එම කතා ගොඩ ගැනීම අවාසි සහගත වන්නේ සිය පාර්ශවයටම බව ඇන්ජලා සෙනෙවිරත්න තේරුම් ගත යුතුය.

මන්දයත් මීට වසර තිහකට පෙර පාලකයන්ගේ මන්දිර වල සේවය කළ ආරක්ෂක නිලධාරීන්, ගෘහ සේවකයින් තවමත් ජීවතුන් අතර සිටිනා බැවිනි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button