BREAKING NEWSEXCLUSIVE

ලේ හිඟයක්, ලේ බැංකුව ලේ ඉල්ලයි.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය නිසාත් එයට සමගාමීව පනවනු ලබන සංචරණ සීමා හේතුවෙන් ජාතික රුධිර පාරවිලයන සේවය සතුව පවතින රුධිර සංචිත ප්‍රමාණය පහළ ගොස් ඇති බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසා සිටියි. අද පැවති මාධ්‍ය හමුවේදී  ඒ මහතා පෙන්වා දුන්නේ දිනකට සාමාන්‍ය තත්ත්වය යටතේ රුධිර ඒකක 1200 ක් පමණ අවශ්‍ය වන බවය.

ඒ අතරම අවම වශයෙන් දිනකට රුධිර ඒකක 800ක ප්‍රමාණයක් වත් ලැබිය යුතු බවත් සම්පූර්ණයෙන්ම සංචරණ සීමා දැමුවහොත් එම ප්‍රමාණය නොලැබීමට ඉඩ ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. එහෙයින් හැකි සෑම පුද්ගලයෙක්ම කොළඹ නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයට හෝ ප්‍රාදේශීය මට්ටමෙන් ඇති රුධිර පරිත්‍යාග මධ්‍යස්ථානයකට පැමිණ රුධිරය ලබාදෙන ලෙසට වෛද්‍යවරයා වැඩි දුරටත් සියළු ශ්‍රී ලාංකිකයින්ගෙන් කාරුණිකව ඉල්ලා සිටියේය.

එමෙන්ම, ක්ෂණික ඇමතුම් මගින් අමතා ඒ සඳහා වෙලාවක් වෙන්කර ගන්නා ලෙසත් වෛද්‍යවරයා වැඩිදුරටත් වැඩිදුරටත් ඉල්ලීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button