BREAKING NEWSEXCLUSIVEPOLITICS

අද තෙල් නොලබුනොත් පැය එකහමාරක විදුලි කප්පාදුවක්..!

සපුගස්කන්ද සහ කැළණිතිස්ස විදුලි බලාගාර සදහා අවශ්‍ය ඉන්ධන අද පෙරවරුව වන විට නොලැබුණහොත්, නිසැක ලෙසම, දිනකට පැය එක හමාරක විදුලිය කප්පාදුවකට යෑමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අනතුරු හඟවා සිටිනවා.

විදුලිය කප්පාදුව පස්වරු 4 ත් රාත‍්‍රී 10 ත් අතර කාලයේ දී සිදුවනු ඇති බවද වාර්තා වනවා.

විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව මෙතෙක් පොරොන්දු වී නොමති අතර, බලශක්ති අමාත්‍ය උදයගම්මන්පිල ප‍්‍රකාශ කරන්නේ, ආනයනය කර තිබෙන ඞීසල් විදුලි බල මණ්ඩලයට ලබා දුනහොත් රථවාහන ධාවනයට අවශ්‍ය ඉන්ධන ලබා දීමට නොහැකි වනු ඇති බවයි.

එමෙන්ම තෙල් නැව් දෙකක් ලංකාව අවට මුහුදේ පවතින බවත් අවශ්‍ය ප්‍රමානයට ඩොලර් ලැබුනහොත් ඒවා නිදහස් කර ගත හකි බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කර සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button