BREAKING NEWSEXCLUSIVEPOLITICS
ලිපියක් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් පැහැදිලි කිරීමක්

අද 06 දින හර්තාල් ව්‍යාපාරයට සහභාගීවන රාජ්‍ය සේවකයන්ගේ මැයි මස වැටුප කපා හැරෙන බවට 2022-05-03 දාතමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා තීරණය කර ඇති බව සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශයේ ලිපි ශීර්ෂය යොදා ගනිමින් මුහුණු පොත ඔස්සේ සිදු කෙරෙන ප්‍රචාරය සම්පූර්ණයෙන් අසත්‍ය එකක් බව එම මාධ්‍ය අංශය සඳහන් කරයි.ජනාධිපති කාර්යාලය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට හෝ මෙවැනි දැනුම් දීමක් සිදුකර නොමැත.
මෙම අසත්‍ය ප්‍රචාරය සම්බන්ධයෙන් මේ වන විටත් අදාළ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කරනු ලැබේ.