BREAKING NEWSEXCLUSIVE

ලබන වසරේ පාසල් අධ්‍යන කටයුතු සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

2022 වසරේ පාසල් ආරම්භය හා විභාග පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කරුණු පැහැදිලි කළා.

ඒ අනුව, දෙසැම්බර් මස 23 වනදා පාසල් වාරය අවසන් වන බවත් යළිත් ජනවාරි 3 වනදා පාසල් ආරම්භ වන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ අතර මේ අවුරුද්දට නියමිත පාසල් වර්ෂය ලබන අප්‍රේල් මාසයෙන් අවසන් වන බවත් ලබන වසර සඳහා නව සිසුන් බඳවා ගැනීම අප්‍රේල් මස සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එසේම 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ජනවාරි මාසයේ තුන්වෙනි සතියේ පැවැත්වෙන බවත් උසස් පෙළ විභාගය පෙබරවාරි මාසයේ ද අපොස සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ ද ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වැඩිදුරටත් සඳහන් කළේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button