BREAKING NEWSPOLITICS

සිංහරාජයේ වැව් කතාව ගැන ඇමති චමල්ගෙන් පැහැදිලි කිරීමක්.

සිංහරාජ රක්‍ෂිත සීමාව ආසන්නයේ වැව් ඉදිකිරීම, ව්‍යාපෘතියක යෝජනාවක් පමණක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්‍ෂ පවසනවා.

ඉකුත්දා වීරකැටිය ප්‍රදේශයේ පැවති උත්සවයකදී සිංහරාජ රක්‍ෂිතයේ වැව් දෙකක් ඉදිකිරීම පිළිබදව තමන් විසින් සිදුකළ ප්‍රකාශය පිළිබද නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ජනතාවගේ මූලික අයිතිවාසිකමක් වන පානීය ජල ප්‍රශ්නය මෙන්ම ජාතියේ ජල මූලාශ ආශ්‍රිත වැසි වනාන්තර සුරැකීම පිළිබදවද රජය වගකීමෙන් ක්‍රියා කරන බවයි අමාත්‍යවරයා සිය නිවේදනයේ දක්වා ඇත්තේ.

ගිං, නිල්වලා ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ඉකුත් රජයන් විවිධ පියවර සම්පූර්ණ කර තිබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස 2014 වසරේදී සය අවුරුදු සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබුණා.

2019 වසරේදී තමන් වාරිමාර්ග අමාත්‍යවරයා ලෙස පත්වීමෙන් පසු අදාළ ව්‍යාපෘතිය සිංහරාජ රක්‍ෂිත සීමාවේ පවතින බැවින් ඒ පිළිබදව දේශීය පරිසර ආයතනවලින් සහ යුනෙස්කෝ සංවිධානයෙන්ද නිර්දේශ සහ නියාමනයන් විමසන ලෙස අදාළ පාර්ශව වෙත උපදෙස් ලබාදුන් බවයි චමල් රාජපක්‍ෂ අමාත්‍යවරයා සදහන් කළේ.

දේශීය පාරිසරික ආයතන සංවිධාන හා යුනෙස්කෝ සංවිධානයේ නිර්දේශ හා නියමයන්ට පරිබාහිරව කිසිදු ක්‍රියාවක් නොකරන බවද අමාත්‍යවරයා සිය නිවේදනය මගින් දක්වා තිබෙනවා.

ලොව දුර්ලභ වැසි වනාන්තරයක් වන හෙක්ටයාර 11,187 කින් යුත් සිංහරාජ රක්‍ෂිතය ආරක්‍ෂා කිරීම පිළිබදව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ වාරිමාර්ග අමාත්‍යාංශයට පැහැදිලි අවබෝධයක් ඇති බවද අමාත්‍ය චමල් රාජපක්‍ෂ සදහන් කළා.

ජාත්‍යන්තර පරිසර සම්මුතීන් පිළිගනිමින් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමට සිය රජය තවදුරටත් කැප වනවා. ලෝක පරිසර සම්මුතීන් හා තෙත් බිම් ප්‍රඥප්ති සුරකමින් සිංහරාජ වැසි වනාන්තරය ආරක්‍ෂා කිරීමේ මූලික වගකීම ඇත්තේ රජයට බවයි චමල් රාජපක්‍ෂ අමාත්‍යවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

මේ අතර සිංහරාජ රක්‍ෂිතයේ වැව් දෙකක් ඉදිකිරීම පිළිබදව අමාත්‍ය චමල් රාජපක්‍ෂ ඉකුත්දා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීද අද අදහස් පළ වුණා. ඒ පිළිබදව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධි පතිරණ, අමාත්‍ය චමල් රාජපක්‍ෂගෙන් මෙලෙස විමසීමක් කළා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button