BREAKING NEWSEXCLUSIVEPOLITICS

ජනපති ගෝඨාභයගෙන් ආදර්ශයක් – ජනපති වැය ශීර්ෂය කෝටි 1077කින් කපා දමයි!

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් යලිත් වරක් සිය ජනපති වැය ශීර්ෂය කප්පාදු කර තිබේ.

මේ අනුව 2022 විසර්ජන පනත් කෙටුම්පත හරහා ජනපතිවරයා විසින් 2022 වසරට අදාල සිය වැය ශීර්ෂය රුපියල් කෝටි එක් 1077 කින් පහත හෙළා තිබීම විශේෂත්වයක්.

ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වන්නට පෙර 2019 වසරේ දී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වරයාගේ වැය ශීර්ෂය රුපියල් කෝටි 1355 වූ අතර 2022 වර්ෂය සඳහා වන අයවැය විසර්ජන පනත් කෙටුම්පත අනුව ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 278 ක් පමණි.

ජනපති වැය ශීර්ෂයෙන් ජනාධිපති කාර්ය මණ්ඩලයේ සියලූම වියදම් මෙන්ම විශාල වශයෙන් රෝගීන්ට සහ සැත්කම් සඳහා ග්‍රාම සේවක මට්ටමින් රෝගීන්ට මුදල් උපයන ජනාධිපති අරමුදලට මුදල් බැරවේ.

2019 වසරේ දී රුපියල් කෝටි 1355 වූ ජනාධිපති වැය ශීර්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව ඉදිරිපත් කළ පළමු අයවැයේ දී එනම් 2001 වසරේදී රුපියල් කෝටි 934 දක්වා රුපියල් කෝටි 421 කින් පහත දැමුණා. එය දෙදහස් 2022 වසරේදී රුපියල් කෝටි 278 දක්වා පහල හෙලීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

මේ අනුව 2019 මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට සාපේක්ෂව ගෝඨාභය රාජපක්ෂ ජනපතිවරයා රුපියල් කෝටි 1355කින් ජනපති වැය ශීර්ෂය පහත හෙළා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button