BREAKING NEWSPOLITICS

පෝට් සිටි ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමේ වෑයමක් – ඇමති කෙහෙලිය පහදයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය කඩාකප්පල් කිරීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙමින් ඇති බව ජනමාද්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

කොළඹ වරාය නගර ආර්ථික කලාප විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනමාද්‍ය අමාත්‍යාංශය, ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය මගින් පැවැත් වු විශේෂ මාධ්‍ය හමුව ට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මාධ්‍ය හමුවේ සිදු කළ චෝදනාවලටද මෙහිදී ප්‍රතිචාර දැක්වුවා.

මෙම මාධ්‍ය හමුවේදී රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්ද අදහස් දැක්වූවා.

පෝට් සිටි කමිශන් සභාව පිලිබද නීතිය ගෙන එන්නේ රටට අලුතෙන් ආයෝජන ගෙන ආ හැකි සිංගල් වින්ඩෝ ෆැසිලිටේටර් ක්‍රමය හරහා ආයෝජකයන්ට පහසුවක් ඇතිකරවන නව ක්‍රමවේදයක් ඇතිකිරිමට බවත් ඒ ඔස්සේ රට තුලම 83000කට ආසන්න පිරිසකට නව රැකියා අවස්ථා ලබා දීමට අවස්තාව ඇතිවන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමා මෙහිදි කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button