BREAKING NEWSEXCLUSIVE

ඇමති වීරසේකර සම්බන්ධ සිද්ධිය ගැන මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්

ෂැංග්‍රිලා හෝටලයේ පැවති උපන්දින සාදයට අදාළව අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කළ බස් රථය ආපසු හැරවූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් නම කියැවෙන මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ මාධ්‍ය ලේකම්වරයා අද පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා.

එමගින් සඳහන් කර ඇත්තේ පසුගිය දෙවනදා සන්ධ්‍යාවේ මහජන ආරක්ෂාව පිලිබඳ අමාත්‍ය සරත් වීරසේකරට මංජු ශ්‍රී නමැති නීතිඥවරයෙකු ඇමතුමක් ලබාදී ඇති බවයි.

අදාළ මාධ්‍ය නිවේදනය.

 

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් එම උපන්දින සාදයට වීම හේතුවෙන් අද අත්අඩංගුවට ගත් 7දෙනා ඇප මත මුදා හැරුණා. ඒ ඔවුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වී.ප්‍රභාකරන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

පසුව ඔවුන් සති දෙකක කාල සිමාවක් සඳහා නිරෝධායනයට යොමු කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අද අත්අඩංගුවට ගත් සැකකරුවන් ද ඇතුළුව තරු පන්ති හොටලයේ සාදය සම්බන්දයෙන් අත්අඩංගුවට ගත් මුළු සැකකරුවන් සංඛ්‍යාව 21 ක් වනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button