සර්ව පාක්ෂික ආණ්ඩුවක් තීන්දුයි. සියළු පක්ෂ අද සාකච්ඡා වල..!

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ගත යුතු කඩිනම් දේශපාලන තීන්දු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා සමගි ජන සන්ධානයේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (10) පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසුවේ අද පෙරවරුවේ එම රැස්වීම පැවැත්වෙන බවයි.
සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකිම්, දමිල ප්‍රගතිශිලි සන්ධානයේ නායක මනෝ ගනේෂන්, සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක රිෂාඩ් බදියුදින් ඇතුළු සමගි ජන සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් මෙම රැස්වීමට සහභාගිවීමට නියමිතය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ ඇතුළු පක්ෂ 9 කණ්ඩායමේ නායකයින්ගේ හමුවක්ද අද පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, සර්ව පාක්ෂික ආණ්ඩුව පිළිබඳ එහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කිරීමට නියමිත බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති වීරසුමන වීරසිංහ මහතා ප්‍රකාශ කළා.