BREAKING NEWSEXCLUSIVE
වෛද්‍යවරු මුඛ ආවරණ අනිවාර්ය කලත් ඔබ පළඳින්න අවශ්‍ය නැහැ, මා පළඳින්නෙත් නෑ – ඩොනල්ඩ් ට්‍රම්ප්

නවතම වෛද්‍ය නිර්දේශයන් යටතේ සියළු පුරවැසියන්ට මුඛ ආවරණ පළඳින ලෙස උපදෙස් ලබා දී තිබුණද තමන්ට එවැනි අවශ්‍යතාවයක් නැතැයි ට්‍රම්ප් පවසනවා.
පසුගියදා නිකුත් කළ මෙම උපදෙස් මාලාව ස්වේච්ඡාවෙන් අනුගමනය කළ යුත්තක් බවයි ට්‍රම්ප් පෙන්වා දෙන්නේ.
‘ඔබ එය අනුගමය කිරීම අත්‍යවශ්‍ය නෑ, මා එය අනුගමනය කරනවා කියා තීරණය කර නැහැ’ යයි ඔහු කියා තිබෙනවා.
වෛරසය ආසාදනය වූවන් සහ ඔවුන්ට ප්‍රතිකාර ලබා දෙන්නන් පමණක් මුඛ ආවරණ පැළඳීම පමාණවත් බව මීට පෙර එරට වෛද්‍ය අංශ උපදෙස් ලබා දී තිබුණා.
එරට මුඛ ආවරණ හිඟයක් පවතින බැවින් ඒ සඳහා පිරිසිදු රෙදි කැබලි ආදේශ කර ගන්නා ලෙස පවසා තිබෙනවා.