BREAKING NEWSEXCLUSIVEPOLITICS

ගම්මන්පිලට එරෙහි සාගරගේ ප්‍රකාශය හවුල්කාර පක්ෂ විසින් හෙළාදකී.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ ලේකම් සාගර කාරියවසම් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අරඹයා සිදුකල ප්‍රකාශය පොදුජන පෙරමුනේ හවුල්කාර පක්ෂ විසින් හෙලා දැක තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ. ⁣ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් පත්කල මන්ත්‍රී සාගර කාරියවසම් මහතා “ජනප්‍රිය නොවන” තීරණයේ වගකීම උදය ගම්මන්පිල අමාත්‍යතුමා මත පටවා එමගින් ආණ්ඩුව ජනතාව ඉදිරියේ අනවශ්‍ය අර්බුදයකට ඇද දමා තිබෙන බවයි.

එමෙන්ම, ” ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්විසින් ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යතුමා ගත් තීරණය අභියෝගයට ලක් කරමින් ආණ්ඩුව තුල කල්ලිවාදයක් ඇතැයි යන කුකුස ජනතාව ඉදිරියේ තබා ඇත. මෙවැනි කට්ටිවාදී සහ අපරිනත ක්‍රියාවන් විසින් අවසානයේදී ආණ්ඩුව පිළිබඳව මහජන විශ්වාසය බිඳවැටීමට හේතුවන බව පෙන්වා දීමට කැමැත්තෙමු.එබැවින් මේ කට්ටිවාදී ප්‍රවණතාව වහාම පරාජය කිරීම අතිගරු ජනාධිපතිතුමන්ගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ වගකීම බවද අවධාරණය කරමු. “යනුවෙන් ඔවුන් පවසා සිටිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button