BREAKING NEWSEXCLUSIVE

බන්ධනාගාරයේ දේපල වලට හානි කරන සියළුදෙනා දිවි ඇති තෙක් හිරේ..

යළි බන්ධනාගාරවල වහලවල් මත නැගී උද්ඝෝෂණය කරන, බන්ධනාගාර ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් හැසිරෙන කිසිම රැඳවියෙකු ඉදිරියේ දී සමාවක් සඳහා නිර්දේශ නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඉදිරියේදී වහලවල් උඩ නැගී, බන්ධනාගාර දේපළ වලට හානි කරන සියලුම දෙනාටත්,

ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස හැසිරෙන කිසිම රැඳවියකු හටත් ඉදිරියේදී සමාව සඳහා කිසිම නිර්දේශයක් නොකරන බවට බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා දැඩිව අවධාරණය කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button