BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

ඖෂධවේදීන්ට හා සේවකයින්ට එන්නත නොලැබුනොත් ෆාමසි සියල්ල වැසේ- ඔසුසැල් හිමියන් දැඩි තීරණයක

දිවයින පුරා පිහිටි ෆාමසි 4000 ක ඖෂධවේදීන් හා සේවක සේවිකාවන්ට කොවිඩ් එන්නත ලබන සතිය වන විට ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුවහොත් ෆාමසි වසා දැමීමට තීරණය කළ බව සමස්ත ලංකා පෞද්ගලික ඔසුසල් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කර සිටිනවා.

මෙම සංචරන සීමා පනවා ඇති කාල සීමාව තුළද දිවයින පුරා ෆාමසි විවෘත කර රෝගීන්ට ඖෂධ බෙදා හැරීම සිදු වනවා. එහිදී නිරෝධායන නිවෙස්වලට මෙන්ම රෝගීන් සිටින නිවාසවලට ඖෂධ බෙදා හැරීමේදී අනාරක්ෂිත බවක් මතුව ඇති බව සංගමයේ සභාපති චන්දික ගන්කන්ද මහතා ප්‍රකාශ කර සිටිනවා.

එම නිසා කඩිනමින් එන්නත ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට දැනුම් දුන් බවද ඔහු අවධාරණය කර සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button