BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE
Trending

දේව මෙහෙයන් අත්හිටුවමින් සියළු මුස්ලිම් පල්ලි වසා දමයි

දැනට පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සිකුරාදා යාඥා මෙහෙයන් සහ රාමසාන් දිනවල රාත්‍රියේ මුස්ලිම් පල්ලිවල පැවැත්වෙන ආගමික වතාවත් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව මුස්ලිම් ආගමික සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින්  නිවේදනය කර සිටිනවා

සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි වකුෆ් සභාව එම තීරණය ගත් බව එම දෙපාර්තමේන්තුව පවසා සිටිනවා, දිනකට පස් වරක් යාඥා කිරීම සඳහා පල්ලියකට එකවර රැස්විය හැක්කේ උපරිමව 25 දෙනෙක්ට පමණි. එම අවස්ථාවලදී මුඛ ආවරණ පැලඳී ම අනිවාර්ය වන අතර එකිනෙකා අතර පරතරය මීටරයක් පවත්වාගත යුතු බව වැඩි දුරටත් එම නිවේදනයේ සදහන්, දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල ඇති සියලු මුස්ලිම් පල්ලි නැවත දැනුම්දෙන තුරු වසා තැබීමට ද යලිත් කොරෝනා ආසාදිතයින් මතුවන ප්‍රදේශ වල පල්ලි එම මොහොතේම වසා දැමීමටද තීරණය කරන බව එම නිවේදනය මගින් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button