BREAKING NEWSEXCLUSIVE

සියලු අන්තර් පළාත් බස් සේවා අත්හිටුවයි

සියලු අන්තර් පළාත් බස් ගමන් වාර ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටවූ බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා.

පළාත් අතර සංචරණය සීමා කිරීමට රජය ගත් තීරණයත් සමග මේ පියවර ගත් බවයි එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඒ.එච්.පණ්ඩුක ස්වර්ණහංස මහතා සඳහන් කළේ.

ඒ සමගම අන්තර් පළාත් පෞද්ගලික බස් රථ සේවා ද අද මධ්‍යම රාත්‍රියේ සිට නවත්වනු ලබනවා.

අත්‍යවශ්‍ය සේවා සඳහා බස් රථ යොදා ගන්නා ආකාරය පසුව දැනුම් දෙන බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button