BREAKING NEWSEXCLUSIVEPOLITICS

අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි ඉල්ලා අස්වීමේ ලිපිය භාර දෙයි.

අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි සිය අමාත්‍ය ධුරයෙන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීම දැනුම් දෙමින් එම ලිපි දෙක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ භාර දී තිබෙනවා.

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරන්නේ ජනාධිපතිවරයා ඔහුගේ එම ඉල්ලා අස්වීමේ ලිපිය භාර නොගෙන ප්‍රතික්ෂේප කර ඇති බවටයි.

ඔහු මෙම තීරණය ගෙන තිබුණේ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ධුරයට පුජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමි පත් කිරීමට විරෝධය පළ කරමින් වන අතර,  රටේ නීති සකස් කිරීමට නිශ්චිත ආයතනය තිබියදී මෙවන් කාර්ය සාධක බලකායන් හරහා නීති සකස් කිරීමට යාම අනවශ්‍ය ගැටළු ඇති කරන්නක් බවයි අමාත්‍යවරයා පෙන්වා දී තිබෙන්නේ.

ඊට අමතවර එම පත් කිරීම සම්බන්ධව අමාත්‍යවරයා පැහැදීමක් නොමැති බවද වාර්තා වනවා. කෙසේ වෙතත් ජනාධිපතිවරයා මෙම පත්කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කර ඇත්තේ මෙම බලකාය පත් කරන ලද්දේ තමාට උපදෙස් ලබා ගැනීමට මිස රටේ නීති සැදීමට නොවන බවටයි.

එමෙන්ම නීති සකස් කිරීමේ දී අනිවාර්යෙන්ම අධිකරණ ඇමතිගේ දායකත්වය ලබා ගන්නා බවද ජනාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button