BREAKING NEWSEXCLUSIVEPOLITICS
නව ඇමතිවරුන් කිහිපයක් දිවුරුම් දෙයි. අලි සබ්රි මුදල් ඇමති ධූරයට..!

නව කැබිනට් අමාත්‍යවරු කිහිපදෙනෙක් දිවුරුම් දුන් බව දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
ඒ අනුව ජී.එල්. පීරිස් මහතා විදේශ අමාත්‍යවරයා ලෙසත්, අලී සබ්රි මහතා මුදල් අමාත්‍යවරයා ලෙසත් ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මහා මාර්ග අමාත්‍යවරයා ලෙසත් දිනේෂ් ගුණවර්ධන මහතා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දී තිබේ.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පුර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරන තුරු රජයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා විසින් අද උදෑසන තාවකාලිකව මෙම පත්වීම් සිදුකළ බවය.