BREAKING NEWSEXCLUSIVE

උසස් පෙළ විභාගයේ ඉහළම ළකුණු ලබාගන්නා සිසුන් ප්‍රසිද්ධ නොකිරීමට තීරණයක්

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රථිපල නිකුත් කිරීමේදී දිවයිනේ ඉහළම ළකුණු ලබාගන්නා 10 දෙනාගේ ශ්‍රේණිගත කිරිම් ප්‍රසිද්ධ නොකිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.

එනමුදු විශ්ව විද්‍යාල ප්‍රවේශයට පහසුකම් සැපයීම සඳහා දිස්ත්‍රික් මට්ටමේ ශ්‍රේණිගත කිරිම් පාසල් විදුහල්පතිවරුන්ට කියවිය හැකි පරිදි නිකුත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

එම වාර්තාවන්ද ප්‍රසිද්ධ කිරීමෙන් වළකින ලෙස පාසල්වලට තරයේ උපදෙස් දී  තිබෙන බවත් වාර්තා වේ.

අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නත්තල් උත්සවයෙන් පසු නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පසුගියදා සඳහන් කළා.

මේ අනුව විභාග ප්‍රතිඵල හෙට (27) දිනයේ නිකුත් වීමට ඉඩ තිබෙන බවත් වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button