ENTERTAINMENT

කියන්න වචන නෑ. අමුතුම හැඟීමක් තියෙන්නේ. දුවෙක් තාත්තට වාසනාව ගේනවා – අකිලට වචන මදි වුණු පිය භූමිකාවේ සතුට

•    අඛිල තාත්තා කෙනෙක් වෙලා.

වෙනදාටත් වඩා සතුටෙන්

නේද ඇත්තේ?

කියන්න වචන නෑ. අමුතුම හැඟීමක් තියෙන්නේ. දුවෙක් තාත්තට වාසනාව ගේනවා කියලා කියනවා. ඒමීටයි මටයි මේක අලුත්ම අත්දැකීමක්.

•    පිය පදවිය ලැබීමේ සතුට වචන

කරන්න අඛිලට වචන මදි වගේ?

කවමදාවත් හිතුණ නැති දේවල් හිතිලා තියෙන්නේ. මම මේ ඇත්තටමයි කියන්නෙ. මට ඒ වගේ දේවල් වචනවලින් පැහැදිලි කරන්න බැහැ. මට විතරක් නෙවෙයි, ඔය හැඟීම කියා ගන්න බැරි. සීයා තාත්තා කෙනෙක් වෙච්ච අප්පච්චිටත් (ජැක්සන් ඇන්තනි) ඔය හැඟීම තේරෙන්නේ නැහැ. බබා හම්බුවුණු දවසේම අප්පච්චි මහනුවර රූගත කිරීම්වලට ගියා. රූගත කිරීම් අවසන් වුණු ගමන්ම ඔහු මට එක දිගටම ඔහුගේ හිතේ තියෙන හැඟීම් කියාගෙන කියාගෙන යනවා. අච්චර වචන දන්න අප්පච්චිටත් ඒක කියා ගන්න බැහැ.

•    චූටි දුව කවුරු වගේද?

ඒමීගේ පැත්තෙ අයට එයා ඒමී වගේ. මගේ පැත්තෙ අයට එයා මම වගේ. තව ටික දවසක් යනකම් කියන්න බැහැ හරියටම. මට හිතෙන්නෙ කන් දෙක නම් මගෙ වගේ කියලා.

•    දුවෙක් ලැබිලා ඉෂ්ට වුණේ

කාගේ බලාපොරොත්තුවද?

මම නම් අපි බඳින්නත් කලින් ඒමීට කිව්ව දෙයක් තමයි මට මුලින්ම ලැබෙන්නෙ දුවෙක් කියලා. අනේ මන්දා මට එහෙම හිතිලා තිබුණා. අපේ අම්මාගෙයි අප්පච්චිගෙයි ආදර කතා සහ එයාලගෙ ගැළපීම දැකලා පොඩි කාලේ ඉඳන්ම මමත් විවාහ වෙන්න ආසාවෙන් හිටියා. පොඩි කාලේ මගෙ හොඳම යාළුවට මම විවාහ වෙන්නෙ මොන වගේ කෙනෙක් එක්කද කියලා කිව්වා. එයා ඒ දේහ ලක්‍ෂණ අහල මට කිව්වා “උඹ සුදුම සුදු කෙල්ලෙක් බැඳපන් නැත්නම් උඹේ දරුවො අනාථයි”  කියලා. මොකද මම ඒ කාලේ ක්‍රීඩා කරපු නිසා අඟුරු කෑල්ලක් වගේ කට්ට කළුයි. දෛවෝපගත සිදුවීම කියන්නෙ මම පස්සෙ කාලෙක විවාහ වුණේ ඒ හොඳම යාළුවගෙ නංගිත් එක්ක.

•    දුව එනකල් අඛිලට

ඉවසීමක් නැතිව

නේද හිටියේ?

ඔව්. පසුගිය වෙසක් මාසේ 18 වැනිදා මම දැනගත්තා මගේ බිරිය ගැබ් අරගෙන කියලා. පුදුම සන්තෝෂයක් දැනුණේ.

දරු ප්‍රසූතිය වෙන්න තිබුණේ ජනවාරි 16 වැනිදා. නමුත් 18 වැනිදා වෙනකම් ලොකු යුද්ධයක් තිබිලා ඇය මේ ලෝකයට ආවා. අපේ විවාහ සංවත්සරයත් 18 වැනිදා. අපිට පුදුම හයියක් වුණු සුනිල් ප්‍රනාන්දු වෛද්‍යවරයාව ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕන. මම ඔහුට ස්තුති කරලා අන්තර්ජාලයෙන් ර්ථීධඵබ එකක් දැම්මම ලංකාවේම මිනිස්සුත් ඔහුට පුදුම ආදරෙයි කියලා දැක්කා. මම ඔහුට හැමදාම ණයගැතියි.

•    දුවට නමක් තිබ්බද?

තවම බබාට නමක් දාලා නැහැ. එයාගේ නම දැනට හැදීගෙන යනවා. එතකල් පවුලේ හැමෝම විවිධ හුරතල් නම්වලින් එයාට කතා කරනවා.

•    දැන් අඛිලත් දුව වෙනුවෙන් ලොකු

කාලයක් වෙන් කරලා ඇත්තේ?

මම මගේ ජීවිතය සැලසුම් කරගෙන තියෙන්නෙ. පසුගිය මාස හයේදී කොළඹින් පිට යන්න තියෙන කිසිම වැඩක් මම භාර ගත්තෙ නැහැ. පසුගිය දවස්වල චිත්‍රපට සේරම මම අතහැරලා තිබුණේ. දැන් ඉතින් ආපහු දුර වැඩ කටයුතුවලට හරි අමාරුවෙන් අත ගහන්න සූදානමින් ඉන්නේ. ඒත් මම ඇය ළඟින්ම ඉන්න ඕන මාස හයේදී නම් වැඩකට ගියත් ඉක්මනින් ආවා.

•    රංගන කටයුතු පැත්තෙන්

මොකද වෙන්නේ?

මම ගිය අවුරුදු දෙකේ කරපු වැඩවලින් එකගෙයි සොකරි, දඩඉම කියන චිත්‍රපට දෙක එන්න නියමිතයි. ඊට පස්සේ තිස්ස නාගොඩවිතාන ෆිල්ම්ස්වලින් සනත් අබේසේකර මහත්මයා අධ්‍යක්‍ෂණය කරපු ගුත්තිල මූසිල කතාවත් අවසන් කරගෙන ඉක්මනින්ම ප්‍රේක්‍ෂකයන්ට දෙන්න හිතාගෙන ඉන්නවලු. ‘ශ්‍රී  වික්‍රම’ චිත්‍රපටයත් කරලා ඉවරයි. ඉතින් ඒ චිත්‍රපට ටික අනාගතයේදී පෝලිමට එයි.

•    නිවේදන කටයුතු පැත්තෙන්

මොකද වෙන්නේ?

මම පෞද්ගලික අංගවල නිවේදන කටයුතු වගේ දේවල් දිගටම කරනවා. ඒ වැඩත් ඒ විධියටම යනවා.

•    පවුලේ අය ගායනයට, රංගනයට,

නර්තනයට දක්‍ෂයි. අඛිලට ගායනය

පැත්තට යොමුවෙන්න

අදහසක් නැද්ද?

මට සෑහෙන්න ආරාධනා නම් තියෙනවා. නමුත් මට ඒකට දෙන්න තරම් කාලයක් නැහැ. මම දකිනවා මල්ලි ගායන වැඩ තිබෙන  දවසට කොච්චර මහන්සි වෙනවද කියලා. ඇත්තටම මගේ පැය විසි හතර තුළ ඒකට කාලය හොයා ගන්න අමාරුයි.

•    මොනවද අලුත් සැලසුම්?

අරුණ අබේරත්න මහත්මයා කරන පොළොන්නරු පොඩි විජේගෙ කතාවට සම්බන්ධ වෙන්න ඉන්නවා. ඒ කාලේ ඉඳන්ම මට හීනයක් තිබුණා ව්‍යාපාරයක් කරන්න. මම මෙච්චර කාලයක් ආයෝජකයෙක් විදියට වැඩ කළා.මගේ මුදල් ආයෝජනය කළා. තව ලොකු කටයුතු ගොඩක් අනාගතයේදී කරන්න සැලසුම් කරලා තියෙනවා. ඒව ඉතින් ඉදිරියේදී දැකබලා ගන්න පුළුවන්.

ලක්‍ෂිකා දිව්‍යාංජලී වීරකෝන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button