BREAKING NEWSEXCLUSIVE

අනුර කුමාරට බිත්තර පහර..

ජාතික ජන බලවේගයේ අද (30) පැවති ගම්පහ දිස්ත්‍රික් සමුළුවේ දී එහි නායක අනුර කුමාර දිසානායක මහතාගේ මෝටර් රථයට බිත්තර ප්‍රහාරයක් එල්ලවී තිබෙනවා.

ජාතික ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික්ක සමුළුව අද පස්වරුවේ කලගෙඩිහේන පෞද්ගලික උත්සව ශාලාවක පැවැත්වුණා.
සමුළුව පැවැත්වෙමින් තිබෙන අතරතුර පක්ෂ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම ස්ථානයට පැමිණෙමින් සිටිය දී උත්සව ශාලාවේ ප්‍රධාන දොරටුව අසල දී එම මෝටර් රථයට බිත්තර ප්‍රහාරය එල්ල කර ඇත

ප්‍රහාර එල්ල කළ බවට සැකකෙරෙන පුද්ගලයින් දෙදෙනෙකු එහිදී පාක්ෂිකයන්ගේ මැදිහත්වීමන් අල්ලාගෙන අනතුරුව පුද්ගලයින් දෙදෙනා නිට්ටඹුව පොලීසිය වෙත රැගෙන ගොස් තිබෙනවා.

සැකකරුවන් සඳහන් කර තිබුණේ ඔවුන් සමග 16 දෙනෙකු පමණ පැමිණ තිබූ බවයි.සිද්ධිය ඇතිවීමත් සමග පිරිසක් පළාගොස් ඇති බවයි වාර්තා වන්නේ.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button