BREAKING NEWSEXCLUSIVEPOLITICS

අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකුවේ අධිපති ධූරයට.

හිටපු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්කර තිබෙනවා.. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එළැඹෙන 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එම පත්කිරීම සිදුකර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

ඒ අනුව, ඒ මහතා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස එදින වැඩ භාර ගැනීමට නියමිත බව වාර්තා වේ. ප්‍රවීණ වරලත් ගණකාධිකාරීවරයෙකු වන ඒ මහතා මීට පෙර අමාත්‍යාංශ ලේකම්වරයෙකු මෙන්ම වසර 09කට ආසන්න කාලයක් මහ බැංකුවේ අධිපති ධූරය ද හොබවා ඇත.

චීනය, සිංගප්පූරුව වැනි රටවල මහබැංකු අධිපතිවරුන්ට කැබිනට් ඇමැතිවරුන් සතු බලතල හිමිව ඇති බව, එවැනි තත්ත්වයක් යටතේ වැඩකටයුතු කිරීම පහසු බවකි. ජනාධිපතිවරයා එම බලතල තමන්ටද ලබා දෙනු ඇති බව අජිත් නිවාඩ් කබ්රාල් මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button