GOSSIP NEWSVIRAL NEWS

කෘෂිකර්මාන්තයෙන් සංචාරක ව්‍යාපාරය නංවයි – මෝඩයන් නොදැන හිනා වූ ‘ඇග්‍රො ටුවරිසම්” ව්‍යාපෘතිය ඇරඹේ.!

පසුගිය ජනපතිවරණ සමයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා කෘෂිකර්මාන්තය ඇසුරින් සංචාරක ව්‍යාපෘතිය නංවනවා යැයි කියූ කතාවක් විරුද්ධවාදීන්ගේ දැඩි ලෙස හාස්‍යයට ලක් විය.

කෙසේ වෙතත් වියත්මග සංචාරක ජාතික ප්‍රතිපත්තියට ඇතුලත් කෘෂිකර්මාන්තය සංචාරක ව්‍යාපෘතියට යොදා ගන්නා එම ක්‍රියාවලිය හැඳින්වෙන්නේ Agro-tourism යන නමිනි. මේ වන විට ලොව බොහෝ රටවල් Agro-tourism සිය සංචාරක ව්‍යාපාරය සඳහා භාවිතා කරන බව එම පිරිස් දැන සිටියේ නැත.

අඩු වියදම් සහ පරිසර හිතකාමී Agro-tourism සංකල්පයේ දී සිදුවන්නේ සංචාරය සඳහා පැමිණෙන විදේශිකයන් කෘෂිකර්මාන්ත කටයුතුවලට සහභාගී කරගැනීමය. වෙනස් අත්දැකීම් වලට ප්‍රිය සංචාරකයන් බොහෝ විට Agro-tourism වලට ප්‍රිය කරයි.

මේ පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් දැක්වීමේදි එය ඔහුගෙන් සිදුවූ වචන පැටලීමක් ලෙස සළකා බොහෝ දෙනා එම ප්‍රකාශය හාස්‍යයට ගැනීමට තරම් මෙරට බොහෝ දෙනා නවීන ලෝකය භාවිතා කරනා Agro-tourism පිළිබඳ දැන සිටියේ නැත. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආගමනයට පෙර ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා සිතා සිටියේ සංචාරක ව්‍යාපාරය යනු සංචාරකයන්ට ලිංගික සේවා, මත්පැන් ආදිය පමණක් සපයන ව්‍යාපාරයක් බවය.

නමුත් දැන් නවීන ලෝකය වෙනස් වී සංචාරක ව්‍යාපාරයේද නවීන අංග වන්නේ Agro tourism හා Wellness tourism ය. නවීන අදහස් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙය දැන සිටියේය.

මේ අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු මැදිහත් වීමෙන් මෙරට කෘෂිකර්මාන්තය ඇසුරින් සංචාරක ව්‍යාපෘතිය නැංවීම සඳහා යොදා ගන්නා පළමු Agro-tourism ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ වී තිබේ.

කෘෂිකර්ම ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන මෙම ජාතික වැඩසටහන සඳහා පුරන් කුඹුරු අස්වැද්දීමේ ක්‍රියාවලියක නිරත වන නාලක සේනාධීර නම් තරුණයාගේද සහය ලබාගෙන තිබේ.

විරුද්ධවාදීන් කරුණු නොදැන හාස්‍යයට ලක් කළ ආයුර්වේද වෛද්‍ය විද්‍යාව සංචාරක ව්‍යාපෘතිය සඳහා යොදා ගන්නා wellness tourism ව්‍යාපෘතිය ද ක්‍රියාත්මක කරවීමට සියලු කටයුතු සූදානමින් පවතින බව වාර්තා වෙයි.

නවීන විද්‍යාව සහ නවීන ආර්ථිකය පිළිබඳ කරුණු නොදත් මෙරට ළිං මැඩියන්ගේ ගැරහීමට ලක්වූ ලක් වූ ගෝඨාභයගේ නවීන සංකල්ප සහ ව්‍යාපෘති දැනටමත් හඳුන්වා දී හඳුන්වා දී ඒ ඔස්සේ ශ්‍රී ලංකාව සංවර්ධනය කිරීමේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම අති විශිෂ්ට බව කිව යුතුය.

 

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button