ජනපති ගෝඨා, ඇමති විදුරගේ ආඥාදායකත්වය ජය ගනියි – කෘෂිකර්ම අමාත්‍යංශය බත්තරමුල්ලට

මසකට කෝටි තුනකට අධික බදු ගෙවමින් රාජගිරියේ පවත්වා ගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය යළිත් බත්තරමුල්ල රජයේ ගොඩනැගිල්ලට රැගෙන ගොස් තිබේ.
පසුගිය රජය සමයේ රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක කෘෂිකර්ම අමාත්‍යංශය ස්ථාපනය කළ අතර ඒ සඳහා මහා භාණ්ඩාගාරය මේ වනවිට කෝටි 500කට අධික මුදලක් වැය කර තිබෙන බව වාර්තා වේ.
එහිදී මෙම ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යංශයට ලබා දීම වෙනුවෙන් ගොඩනැගිල්ලේ හිමිකරු ඩී. පී ජයසිංහ සහ ඔහුගේ බිරිඳ සබීතා පෙරේරා විසින් පසුගිය රජයේ ඉහළම බලධාරීන්ට සහ කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන්ට ඉතා විශාල මුදලක් අල්ලස් වශයෙන් දී තිබෙන බවත් වාර්තා වේ.
ඒ හේතුවෙන් මෙම ගොඩනැගිල නැවතත් කෘෂිකර්ම අමාත්‍යංශයට ගෙන යාමට නිළධාරීන් අකමැති වූවත් ජනපති ගෝඨාභය සහ රාජ්‍ය ඇමති විදුර මැදිහත් වීමෙන් නිලධාරීන්ටද දැඩි ස්වරයෙන් උපදෙස් දී අමාත්‍යංශය නැවතත් රජයේ ගොඩනැගිල්ලට ගෙන ගොස් තිබේ.