BREAKING NEWSEXCLUSIVE

ඒජන්සි ජාවාරමක් – ගෘහ සේවයේ රැකියා වලට යවනවා යැයි කියා ගණිකා ජාවාරමට ශ්‍රී ලාංකික කාන්තාවන් පටවලා

ගෘහ සේවයේ රැකියා සඳහා පිටත් කරන මුවාවෙන් ශ්‍රී ලාංකික කාන්තාවන් විදෙස් රටවල ගණිකා සේවයේ යොදවන ජාවාරමක තොරතුරු ආරක්ෂක අංශ විසින් හෙළි කරගෙන තිබේ.

විවාහක හා අවිවාහ තරුණ කාන්තාවන් ඉලක්ක කර ගනිමින් සිදුවෙන මෙම ජාවාරම පසුපස ප්‍රධාන පෙළේ කොළඹ හා කුරුණෑගල විදේශ රැකියා තැරැව්කාර සමාගම් (ඒජන්සීස්) රැසක්ම සිටින බවද වාර්තා වේ.

තරුණියන් විදේශගත කිරීමේදී ඔවුන්ට රැකියාවේ සැබෑ තත්ත්වය සඟවා කාර්යාලයීය සේවයට හා ගෘහ සේවයට ඔවුන් යොමු කරන බව පැවැසුවද ඇත්ත වශයෙන්ම ඔවුන් මාස තුනක කාලයක් සඳහා ලිංගික සේවයට යොමු කිරීමක් මෙහිදී සිදුවන බව අනාවරණය කරගෙන තිබේ.

මැදපෙරදිග රැකියා සඳහා යැයි පවසා තෝරා ගන්නා කාන්තාවන් සංචාරක වීසා මත මැදපෙරදිග රටවලට යැවීම සිදුවන අතර එලෙස තෝරාගන්නා කාන්තාවන්ගේ සියලු වියදම් දරන්නේ අදාළ රැකියා ඒජන්සි සහ තැරැව්කරුවන් විසින්ය.

ඒ අනුව බැලූ බැල්මට එම කාන්තාවන්ට මේ සඳහා පෞද්ගලිකව වියදමක් දරන්නට සිදුවන්නේ නැත.

මෙසේ කූට අන්දමින් මිනිස් ජාවාරමේ යෙදෙන තැරැව්කරුවන්ට හසුවූ කාන්තාවන් 80ක් පමණ ඕමාන්හිද, 50ක් පමණ ඩුබායිහිද අසරණ වී සිටිනා බවත් වාර්තා වනවා.

මේ ආකාරයට මැදපෙරදිගට යවන එක් කාන්තාවක් වෙනුවෙන් තැරැව්කරුවකුට රුපියල් ලක්ෂ 5 සිට 10 දක්වා මුදලක්ද ගෙවන බවට තොරතුරු ආරක්ෂක අංශ විසින් අනාවරණය කරගෙන තිබේ.

මේ මිනිස් ජාවාරම පිළිබඳව තොරතුරු වාර්තාවීමත් සමඟ අදාළ අංශ වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ කටයුතු ආරම්භ කර තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button