BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට යළිත් දැඩි නීති

පසුගිය අවුරුදු සමයේ දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොරෝනා වෛරසයපැතිරයාමේ දැඩි අවධානමක් ඇතිවී තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සඳහන් කර සිටිනවා.

එය පාලනය කිරීම සදහා ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි දැඩි තීන්දු තීරණ ගැනීමට කොවිඩ් මර්දනය සඳහා වනවිශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව විසින් අද තීරණය කර තිබෙන අතර දැඩි සත්කාර ඒකක වලඇදන් ධාරිතාවය වැඩි කිරීම, කොවිඩ් රෝගීන්ට අවශ්‍ය (high floor) හයි ෆ්ලෝ ඔක්සිජන් ලබා දීම සහ දත්ත රැස්කිරීමේ ක්‍රමවේදය ශක්තිමත් කිරීම හා වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා අවශ්‍යපුද්ගල ආරක්ෂිත ඇදුම් වැඩිපුර ලබා දීමට තීරණ කෙරුණා.

කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ රෝගීන්ගේ රෝගී තත්ත්වයන් අනුව වෙන් වෙන් වශයෙන් ඔවුන් සුදුසු රෝහල්වෙත යොමු කිරීමට සැළසුම් සකස් කිරීම, ඉදිරියේ දී කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරිමට ප්‍රාදේශීය හා දිස්ත්‍රික්මට්ටමින් තව තවත් රෝහල් හදුනා ගැනීම සහ ඒවාට අවශ්‍ය වෛද්‍ය පහසුකම් සැපයීම තීරණය කර ඇතමේ අතර, කොවිඩ් රෝගීන් සදහා ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යන අතර තුර දෛනිකව අනෙකුත් රෝග සදහා රෝහල්ගත වන රෝගීන්ට ලබාදෙනු ලබන  බාහිර හා නේවාසික ප්‍රතිකාර සේවාවන් සහ ශල්‍යකර්ම ශක්තිමත්වපවත්වාගෙන යාම සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව අවම වශයෙන් දිනකට 15,000 ක් දක්වා වැඩි කිරීමටද විශේෂඥක්‍රියාකාරී කමිටුව විසින් තීරණය කර තිබෙනවා.

අද සිට නැවතත් නිරෝධායනය නීති සැමට දැඩි ලෙස ක්‍රියාත්මක කිරීම, නිරෝධායන නීති කඩකරන්නන්ට දැඩි ලෙසනීතිය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම සහ විදේශයන්හි සිට පැමිණෙන අය සඳහා විශේෂිත නිරෝධායන නීති සකස්කිරීම සඳහා මෙම සාකච්ජාවේදී ප්‍රධාන වශයෙන් අවධානයට යොමුව ඇති අතර සදහාද සෞඛ්‍ය අමාත්‍යපවිත්‍රා වන්නිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී අද රැස් වූ  කොරෝනා වෛරසයට එරෙහි විශේෂ ක්‍රියාකාරී කාර්ය සාධන කමිටුව දැඩි තීරණ ගෙන තිබෙනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button