BREAKING NEWSEXCLUSIVE

ආනයනික පොල් තෙල් වල ඇෆ්ලොටොක්සීන් පරීක්ෂාව ඇරඹුනේ 2020 වසරේ සිටයි. කලින් පරික්ෂා කළේ නෑ

ආනයනික විෂ රසායනික පොල්තෙල් පිළබද පැහැදිලි කිරීමක් අද ජනමාධ්‍ය අමාත්‍යඅංශයේදී පැවැත්වුනා .

ඒ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය (MCND) සංවිධානය කරනා Cyber Conference මාධ්‍ය හමුවේදීය.

ඒ සදහා මෙවර සහභාගි වී සිටියේ ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත රවිප්‍රිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්‍ය සිද්ධිකා සේනාරත්නය.

එහිදි පිළිකාකාරක පොල් තෙල් පිළිබඳ අදහස් දක්වමින් ආචාර්ය සිද්ධිකා සේනාරත්න ප්‍රකාශ කලේ ආනයනික පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් පරීක්ෂාව ඇරඹුනේ 2020 නොවැම්බර් වලදී පටන් බවය.

ඉන්පෙර එවන් පරික්ෂාවක් සිදු නොවී ඇති අතර ඒ හේතුවෙන් පිලිකාකාරක පොල්තෙල් සමාජයේ භාවිතා වී ඇති බවත් ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ වනවිට ශ්‍රී ලංකා රේගුව සහ ප්‍රමිති ආයතනය රජයේ උපදෙස් අනුව පරීක්ෂණ දැඩි කර තිබෙන බවත්, ඒ හේතුවෙන් කිසිඳු විස සහිත ආහාරයක් සමාජයට එක් වීමට ඉඩක් නොතිබෙන බවත් ඇය සඳහන් කරා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button