BREAKING NEWSEASTEXCLUSIVEINTERNATIONAL NEWSPOLITICSVIRAL NEWS

“ඇෆ්ගනිස්තානය” අද සිට Islamic Emirate of Afghanistan වෙයි.

ඇෆ්ගනිස්ථානයේ නව ජනපති ලෙස තලේබාන් නායක Mullah Abdul Ghani Baradar ප්‍රකාශයට පත් කර ඇති අතර රටෙහි නම Islamic Emirate of Afghanistan ‘ඇෆ්ගනිස්ථාන ඉස්ලාමීය එමිරේට්ස්‘ නම් කර ඇති බව වාර්තා වනවා.

තලේබාන් තුවක්කුකරුවන් විසින් කාබුල් අගනුවර වෙත පෙරේදා ප්‍රහාරයක් එල්ල කිරීමත් සමඟ ඇෆ්ගනිස්තානය රකිමින් සිදු වූ වසර 20 ක බටහිර මෙහෙයුම එක් දිනක් තුළ බිඳ වැටුණි.

භීතිය උපදවන දර්ශන මධ්‍යයේ, ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි රට හැර ගිය අතර, ජනපති මන්දිරයේ සිට රට මෙහෙයවීමට තුවක්කු හමුදාවක් පත්විය. ඇෆ්ගන් රජයේ හමුදා තුවක්කු පහත් කරගත්තේ වෙන කිසිවක් කරන්නට බැරි නිසාය. රට කොල්ලකෑමක් සිදුවූයේ ඉන් පසුවය

.
තලේබාන් සංවිධානය “ඇෆ්ගනිස්ථානයේ ඉස්ලාමීය එමිරේට්ස්” ප්‍රකාශයට පත් කරන බවට නිවේදනය කිරීමට පෙර සිටම, එහි පාලනයේ දෙවන යුගයක් ඵලදායී ලෙස ආරම්භ වී ඇති බව පැහැදිලි ය.
මෙම තත්වය ඉතා මෑතක වෙනස්වූවකි. මැයි මාසය වනවිට තලේබාන්නු සතුව මෙතරම් හැකියාවක් නොතිබිණි. නමුත් පසුගිය කාලයේ ඔවුන් දිගටම ඇෆ්ගනිස්ථාන ප්‍රදේශ යටත් කරගෙන ආවේ බයිඩන් පාලනයට පත්වී ඇමරිකාව සටනින් ඉවත්වීමත් සමගය.

“අපේ හමුදාව කාබුල් නගරයට ඇතුළු වෙන්නේ නැහැ. අපට සාමකාමී බල හුවමාරුවක් අවශ්‍යයි, ”තලේබාන් ප්‍රකාශක සුහායිල් ෂහීන් ඊයේ පැවසීය. එසේ කියන වේලාවේ පැහැදිලිවම යටත් වීම අනිවාර්ය වීමට ජනපතිට සිදුවිය.

මේ වනවිට තලේබාන් කන්ඩායම රජයක් ලෙස පෙනී සිටිමින් සටන්කරුවන් ලෙස නොව පොලිස් භටයින් ලෙස රැඳී සිටිති. ඊයේ සවස් වන විට තලේබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ඓතිහාසික බලය අල්ලා ගත් අතර, දශක දෙකකටත් වැඩි කාලයකට පසු නව ඉස්ලාමීය එමිරේටයක් ප්රකාශයට පත් කර ඇත.
එක්සත් ජනපදයේ දීර්‍ඝ කාලීන විදේශීය මැදිහත්වීම් ඉතිහාසයේ ඉතාමත් නින්දිත කථාංගයක් වූ ‘සයිගොන්‘ නමැති මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ගැන බයිඩෙන්ට එරෙහිව ඇතැමුන් චෝදනා නගන්නේ ඔහු ජනපති වන්නට පෙර කාලයේ සිටම ඇමරිකාව මේ සඳහා පෙළඹවූ පුද්ගලයා වූ නිසාය. වියට්නාමය හා සැසඳීමේදී මෙම ව්‍යාපෘතියේ යම් හරයක් තිබේදැයි ජූලි මාසයේදී විමසූ විට ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේ කිසිවක් නැත- ශුන්‍යයි … යනුවෙනි.

වසර 20 කට ආසන්න යුද්ධයෙන් පසු එක්සත් ජනපද මිලිටරි ජීවිත 2000 කට වැඩි ප්‍රමාණයක් සහ ඩොලර් බිලියන 720,000 කට අධික වියදමක් සමඟ ඇෆ්ගන් රජයට උදව් කරමින් තලේබාන් සංවිධානයට එරෙහිව සටන් කිරීමේ බලයක් ගොඩනැගීම සඳහා අසාර්ථක උත්සාහයක් දැරූ බව ඇමරිකානු ජනමත විචාරණ වාර්තා කරයි. ගෝලීය කටයුතු පිළිබඳ චිකාගෝ කවුන්සිලය පසුගිය සතියේ කළ සමීක්‍ෂණයකින් හෙළි වූයේ සමීක්‍ෂණයට භාජනය වූවන්ගෙන් 70% ක් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමේ තීරණයට සහාය දුන් බවයි.

ඉවත් වීමේ සැලැස්ම මුලින් ගෙන එමින් ට්‍රම්ප් පරිපාලනය විසින් 2020 පෙබරවාරි මාසයේදී කටාර්හි දෝහාහිදී තලේබාන් සංවිධානය සමඟ සාකච්ඡා පැවැත්වූ නමුත් අසාර්ථකවිය. නමුත් බයිඩෙන් පාලනය එය වෙනස් කරන ලදි.

යුද්ධයකට මැදිවූ ඇෆ්ගනිස්ථානය අවම වශයෙන් දැන් යුද්ධයෙන් මිදී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button