BREAKING NEWSEXCLUSIVE

ස්විස් තානාපති සේවිකාව ප්‍රකාශයක් නොදීම බලහත්කාරයෙන් ගෙන යාමට යයි – ගුවන් යානාවක් සුදානම්

තමන් පැහැර ගැනීමට ලක්වූයේ යැයි චෝදනා කරන මෙරට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ශ්‍රී ලාංකික සේවිකාව සහ ඇගේ පවුලේ සියලු දෙනා ස්විට්සර්ලන්තයට ගෙනයාමට ගුවන් යානාවක් එරට ගුවන් සූරිච් ගුවන්තොටුපලේ සූදානමින් පවතින බව වාර්තා වේ.

සූරීච්හි සිට කටුනායක ගුවන්තොටුපළට පැමිණ සඳහා මෙම යානයට පැය දහයක පමණ කාලයක් ගත වෙයි. මෙම ශ්‍රී ලාංකික සේවිකාව එරටට ගෙන එන්නැයි ස්විට්සර්ලන්ත රාජ්‍ය ලේකම්වරිය විසින් කොළඹ තානාපති කාර්යාලයට උපදෙස් දී තිබෙන බවත් වාර්තා වේ.

නමුත් මෙම යානාවට කටුනායක ගුවන්තොටුපල පැමිණීම සඳහා ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා බලධාරීන් මේ වනතෙක් අවසර දී නැත. මෙරට ගුවන් සීමාවට ඇතුල් වීමටත්, කටුනායක ගුවන් තොටුපළට පැමිණීමටත් මෙම ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් අවසර ගැනීමට සිදුවේ.

තවද අදාළ සේවිකාවට මෙරට අධිකරණය විසින් ශ්‍රී ලංකාවෙන් පිටවීමට තහනමක් ද පනවා තිබේ. අදාළ සිදුවීම සම්බන්ධයෙන් එකී සේවිකාව පොලිසියට කට උත්තරයක් දීම ප්‍රතික්ෂේප කරමින් සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button