BREAKING NEWSEXCLUSIVEPOLITICS

දේශපාලන පළි ගැනීම් වලට බුද්ධි අංශ නිලධාරීන් හිරේ නොදැම්මනම් පාස්කු ප්‍රහාරය වළක්වා ගන්න තිබුණා – අද්මිරාල් ඩී.කේ.පී. දසනායක

ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ පශ්චාත් උපාධි පාඨමාලාවක් හදාරමින් සිටි තමන්ව ඇමරිකාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට ක්‍රියා නොකළේ නම් පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය වළක්වා ගැනීමට හැකියාව තිබුණු බව හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, රියර් අද්මිරාල් ඩී.කේ.පී. දසනායක මහතා පවසයි.

කප්පම් ගැනීම සඳහා තරුණයින් 11 දෙනෙකු අතුරුදන් කරවීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවකු වශයෙන් අධිචෝදනා ලැබ සිටින රියර් අද්මිරාල්වරයා මේ බව පැවසුවේ ඊයේ (25) දේශපාලන පළිගැනීම් පිළිබඳව සෙවීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පත්කළ කොමිසම හමුවේ සාක්ෂි දෙමිනි.

එම පාඨමාලාව හැදෑරීම සඳහා 2014 වසරේ සැප්තැම්බර් මාසයේදී ඇමරිකාවට ගිය තමන්ව 2015 පෙබරවාරි මාසයේදී යළි මෙරටට ගෙන්වා ගත්තේ දේශපාලන පළිගැනීමක් අනුව බවයි ඒ මහතා සඳහන් කර තිබුණේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button