BREAKING NEWSEXCLUSIVE

නිරෝධායන නීති කැඩූ ක්‍රීඩකයන්ට වැඩ වරදී

කොරෝනා නිවාරණයට පනවා තිබෙන සීමා නිර්ණ කඩකළ මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට එරෙහිව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය පියවර ගෙන තිබේ.

පසුගිය තුන්වෙනිදා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායමේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් සහ පුහුණුකරුවන් පිරිසක් ජෛව ආරක්ෂිත බුබුළ කඩ කරමින් කටයුතු කර තිබූණි. ඉන්පසුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඇරඹුණි.

මේ අනුව එම පිරිසට එරෙහිව විනය පරීක්ෂණයක් අරඹා තිබෙන අතර එතෙක් ඔවුන්ට ලබා දෙන සියලූම දීමනා සහ වරප්‍රසාද අත්හිටුවා තිබේ.

මේ අනුව පුහූණුකරුවන් දෙදෙනෙක්, ක්‍රීඩිකාවන් නව දෙනෙක් සහ ක්‍රීඩකයන් දෙදෙනෙකුට මෙම දඬුවම පනවා තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button