BREAKING NEWSEXCLUSIVE

ජනතාවගේ අවිචාරවත් හැසිරීම් නිසා ඉදිරියේදි වෙළදසැල් විවෘත නොකරන්න ක්‍රියාමාර්ග

අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීම සඳහා සංචරණ සීමාවේ ලිහිල් කල අද (25) දිනයේ මහජනතාව බොහෝ පිරිසක් හැසිරුණු ආකාරය ගැන සතුටු විය නොහැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා.

එ හේතුවෙන් ඉදිරියේදී වෙළඳසැල් විවෘත කිරීම වෙනුවට විකල්ප ක්‍රියා මාර්ගයකට යොමු වීමට සිදු වනු ඇතැයිද ඔහු පවසනවා.

ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ ජංගම රථ යොදවා බෙදාහැරීමේ වැඩපිළිවෙළට ඉදිරියේදී යොමු වීමට සිදු වනු ඇතැයි ද ඔහු පැවසීය.

වැඩි දුරටත් අදහස් දක්වමින් යුධ හමුදාපතිවරයා සදහන් කරන්නෙ තමන්ට ආසන්න වෙළඳසැලෙන් අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට දුන් අවස්ථාව ඇතැමුන් අවභාවිත කළ ආකාරයක් පෙනෙන්නට ඇති අතර ජනතාව මෙලෙස අවිචාරවත් ලෙස කටයුතු කිරීම නිසා අහිතකර ප්‍රතිඵල ලැබෙනු ඇති බවයි.

එමෙන්ම මෙවන් හැසිරීම් හේතුවෙන් කොරෝනා පැතිරීම වැඩි විය හැකි බවටද ඔහු තවදුරටත් අනතුරු ඇඟවීය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button