BREAKING NEWSEXCLUSIVE

යලි ශ්‍රී ලංකාව තුළ තරුණ සමුළුවක්…

මේ වසරේ ශ්‍රී ලංකාව තුළ තරුණ සමුළුවක් පැවැත්වීමට නියමිත බව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

ජූලි සහ අගෝස්තු යන මාසයන් වලදී එය පැවැත්වීමට නියමිත අතර මේ අනුව තරුණ පාර්ලිමේන්තුව හරහා ලෝක තරුණ සම්මේලනය මීගමුව සහ කොළඹ කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට මේ වනවිටත් සාකච්ඡා පවත්වමින් කටයුතු සංවිධානය කරමින් සිටින බව අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

මෙහිදී විශේෂයෙන්ම බලාපොරොත්තු වන්නේ කොවිඩ්19 වසංගතය ත් සමගින් අපේ රට සහ ලෝකය ඉදිරියට යන කාලසීමාවක් බැවින්, මේ කාලසීමාව තුළ තරුණ තරුණියන් වෙත සුවිශේෂී වගකීමක් ඇති අතර එම වගකීම ඉටුකිරීමට ශක්තිමත් විය යුතුය.එසේම ලෝක තරුණ තරුණියන් වෙනුවෙන් යම්කිසි සාධාරණයක් ඉටුකිරීමටත් මෙයින් බලාපොරොත්තු වනවා.

මේ වනවිට සංචාරක ව්‍යාපාරය විවෘත වී , රටේ යටිතල පහසුකම් සඳහා විශාල ආයෝජනයක් සිදු කර ඇති හෙයින් ලොකයේ නන් දෙසින් මෙරටට පැමිණ ශ්‍රී ලංකාවේ ඇති සුන්දරත්වය සමඟ මෙරට සංචාරක ගමනාන්තයක් කර ගැනීමටත් අපේ සංස්කෘතික ලෝකය ගෙන ගොස් එහි වටිනාකම ලොවට බෙදා දීමටත් ප්‍රධාන වශයෙන් ගෝලීය උෂ්ණත්වය, පුනර්ජනනීය බලශක්තිය නිශ්පාදන පිළිබඳ, රැකියා උත්පාදනය පිළිබඳ, කොවිඩ් 19 වසංගතය හේතුවෙන් ඇතිවූ මානසික ආතතිය පිළිබඳ තොරතුරු හුවමාරු කිරීම පිළිබඳවත්, මේ සියල්ලම පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමටත් මෙමඟින් බලාපොරොත්තු වනවා.

තවමත් මෙම සමුලුව සම්බන්ධව සුවිශේෂී කාරණා කීපයක් ඇති බවත්, තීරණය සියල්ල ගැනීමෙන් පසු ශ්‍රී ලාංකීය ජනතාවත්, ලෝකවාසී තරුණ ප්‍රජාවත් දැනුවත් කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා කියා සිටියා.

තරුණ අමාත්‍යවරයක් ලෙස නාමල් රාජපක්ෂ මැතිතුමා මේ සඳහා විශාල කැපවීමක් කරන අතර මෙයින් අප රටේ තරුණ තරුණියන් හට සුවිශේෂී අවස්ථා කීපයක්ම හිමිවනු ඇතැයි අමාත්‍යවරයාගේ බලාපොරොත්තුවයි.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button