රුසියාව ලොවටම අනතුරු හඟවන අතරේ, යුක්රේනයේ ඉල්ලීමුත් අමෙරිකාව ඉවත දමයි.

යුක්රේනයට සහාය දැක්වීමෙන් සිදුවන බරපතල ප්‍රතිවිපාක වටහා ගැනීමට ප්‍රමාද නොවන ලෙස රුසියාව ලොවටම අනතුරු හැඟවීමක් කර තිබෙනවා.
රුසියානු ගුවන්යානා පියාසර කිරිම වැලැක්වීම සඳහා පියාසර කළ නොහැකි කලාපයක් නම් කරන ලෙස යුක්රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි, බටහිර රටවලින් ඉල්ලා සිටියා.
එහිදී රුසියානු මිසයිල, ගුවන්යානා හා හෙලිකොප්ටර් යානා සම්බන්ධයෙන් අදාළ වාරණය පනවන ලෙසයි වීඩියෝවක් මාධ්‍යයට නිකුත්කරමින් ඔහු ඉල්ලා තිබුනා.
කාකිව් වෙත එල්ලවන ප්‍රහාර සලකා මෙම තීන්දුව ගන්නා ලෙසද සෙලෙන්ස්කි බලකර සිටී.
ඔහුට අනුව ගතවූ දින 5 තුළ රුසියාව කාකිව් නගරය වෙත පමණක් රොකට් ප්‍රහාර 56ක් හා කෘස් මිසයිල 113ක් එල්ල කර තිබේ.
කෙසේ වෙතත් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් අමෙරිකාව පවසන්නේ, එවන් තීන්දුවක් මගින් අමෙරිකාවද මෙම යුද්ධයට ඈඳෙනු ඇති බවය.
අද උදෑසන සන්නද්ධ රථ,යුද ටැංකි සහ කාලතුවක්කු රැගත් රුසියානු හමුදාව සැතපුම් 40ක් පමන දිඟ රත පෙළකින් ප්‍රථම වරට”කිව්” අගනුවර දෙසට යොමුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනා.