BREAKING NEWSEXCLUSIVEPOLITICS

පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිට උණුසුම් පිළිගැනීමක්. – ජනාධිපති මාධ්‍ය අංශය

පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පැමිණි ජනපතිට වරයාට උණුසුම් පිළිගැනීමක් හිමිවූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එම නිවේදනය මෙලෙසින්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (07) පෙරවරුවේ පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගි විය.

පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් පිළිගනු ලැබිණ.

“අධිභාර බද්ද පනත් කෙටුම්පත” දෙවැනි වර කියවීමේ අවස්ථාවේ පාර්ලිමේන්තු සභා ගර්භය වෙත පිවිසි ජනාධිපතිතුමා වෙත මන්ත්‍රීවරු අත්පොළසන් දෙමින්, ප්‍රීති ඝෝෂා නගමින් ඉහළ පිළිගැනීමක් ලබාදුන්හ.

කෙටි වේලාවක් පාර්ලිමේන්තු සභා ගර්භයේ සිටි ජනාධිපතිතුමා මහජන නියෝජිතයන්ගේ ඉදිරිපත් කිරීම් කෙරෙහි සිය අවධානය යොමු කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button