BREAKING NEWSEXCLUSIVE

බන්දුලගෙන් බදු සහන පැකේජයක්

ඉදිරියේදී රටේ ආර්ථික අර්බුදයට පිලියමක් ලෙස ආයෝජන ප්‍රවර්ධන බදු සහන පැකේජයක් හඳුන්වා දෙන බව වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ජා-ඇල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.

මේ අතර, සුඛෝපභෝගි විදුලි උපකරණ ආනයනය අත්හිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

ඒ කොරෝනා අවදානමත් සමඟ රට තුල උද්ගතව ඇති ආර්ථික පීඩනය සැලකිල්ලට ගනිමින්.

මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරමින් පවතින අතර ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් වෙනු ඇති බවයි රජයේ ඉහළ පෙලේ ආරංචි මාර්ග සඳහන් කළේ.

අදාළ සීමා පැනවෙන දිනය සහ ඒවා බලපැවැත්වෙන කාලය තවමත් තීරණය කර නැහැ.

මේ අතර, දැනට මෝටර් වාහන ආනයනය සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ වන බව සඳහන්.

පවතින විදේශ විනිමය සංචිත හිගය තවදුරටත් වර්ධනය වීම වළක්වා ගැනීම සඳහා මෙම තීරණ ගැනෙන බව මහබැංකුව ප්‍රකාශ කර තිබුණා.

කෙසේ වෙතත් මාධ්‍ය කළ විමසීමකදී මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කළේ සුඛෝපභෝගි භාණ්ඩ ආනයනය අත්හිටුවීම සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය බවයි.

මෙතෙක් එවැනි තීරණයකට එළඹ නොමැති බව ද ඔහු කියා සිටියා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button