BREAKING NEWSCOVID19 - UPDATESEXCLUSIVE

දින 14ක් රට වසා දැමීම සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයාගෙන් ප්‍රකාශයක්

ජුනි මස 01 වැනිදා සිට දින 14 ක කාලයක් රට වසා දැමීම සම්බන්ධයෙන් කිසිඳු තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

සමාජ මාධ්‍ය හරහා පැතිර යන එවැනි ප්‍රචාර අසත්‍ය බවයි යුද හමුදාපතිවරයා සදහන් කරන්නේ.

අද උදෑසන රූපවාහිනී වැඩසටහනක එක්වෙමින් යුද හමුදාපතිවරයා එම අදහස් පලකළා.

කෙසේ නමුත් පවතින තත්ත්වය හමුවේ දින 14ක කාලයකට නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටින බව ඊයේ (20) සදහන් කර තිබුනා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button