BREAKING NEWSEXCLUSIVE

භානුක ඉන්දීය සංචාරයට තෝරා නොගැනීම ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ ඉන්දීය සංචාරය වෙත තෝරා නොගැනීමට හේතුව සම්බන්ධයෙන් තමන් දැනුවත් කර ඇති බවත් ඉදිරියේ දී භානුක ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කම්බැක් එකක් දෙනු ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා.

කෑගල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා මහතා අද පාර්ලිමේන්තුවේ දී භානුක රාජපක්ෂ පිළිබඳ ව යොමු කළ ගැටලුවකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා,

“ප්‍රථමයෙන් ස්තූතිවන්ත වෙනවා රාජපක්ෂ කෙනෙක් වෙනුවෙන් පෙනී සිටීම පිළිබඳ ව..
ක්‍රිකට් ක්‍රීඩාවේ ගරු කතානායකතුමනි තේරීම් කමිටුවක් තියෙනවා..
ඒ වගේ ම ක්‍රිකට් කමිටුවක් දාලා තියෙනවා පරිපාලන කටයුතු වලට..
ඒ වගේ ම පුහුණු උපදේශක ලෙස මහේල ජයවර්ධන මැතිතුමාව පත්කරලා තියෙනවා..
ඉතින් මෙතෙක් කල් තේරීම් කමිටු වලට ඇඟිලි ගහලා සහ ක්‍රිකට් පාලක මණ්ඩලයට ඕන විදියට කණ්ඩායම් තෝරලා සහ වෙනත්
හේතු මත කණ්ඩායම් තෝරලා තමයි පහුගිය අවුරුදු ගණනාව තුළ අපේ ක්‍රිකට් ක්‍රීඩාව වැටුණේ..
ඒ හින්දා ගරු මන්ත්‍රීතුමනි භානුක රාජපක්ෂ කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්,හොඳ අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..
ඒ වගේ ම අපි විශ්වාස කරනවා අපේ රට නියෝජනය කළ යුතු ක්‍රීඩකයෙක්..
හැබැයි ක්‍රිකට් තේරීම් කමිටුව සහ පුහුණුකරුවන්ගේ නිර්දේශය මත තමයි මෙවර ඉන්දීය සංචාරයට කණ්ඩායම තෝරලා තියෙන්නේ..
ඉතින් ඔවුන් තෝරා නොගැනීමට හේතු පිළිබඳ ව ඔහුව දැනුවත් කරලා තියෙනවා සහ අමාත්‍යවරයා විදියට මාවත් දැනුවත් කළා..
ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයන්ගේ පෞද්ගලික කාරණා පිළිබඳ ව ගරු කතානායකතුමනි මම හිතන්නේ මාධ්‍යයේ කතා නොකළ යුතු කාරණයක්..
ඉතින් මම හිතන්නේ ඒ හේතු මම ප්‍රකාශයට පත්කරන්නේ නෑ මේ අවස්ථාවේ..
හැබැයි මේක ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ අවසානය නොවෙයි..
ඔහුට ඕන තරම් වයස තියෙනවා,හැකියාව තියෙනවා,දක්ෂතාවය තියෙනවා..
ඉතින් මම හිතනවා,විශ්වාස කරනවා හොඳ කම්බැක් එකක් ක්‍රිකට් වලට දෙයි කියලා..”

Related Articles

Leave a Reply

Your email address will not be published.

Back to top button