BREAKING NEWSEXCLUSIVE

කොවිඩ් ආසාදිත රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීම සඳහා විශේෂ තොරතුරු ඒකකයක්

කොවිඩ් ආසාදනය වන රැඳවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීම සඳහා විශේෂ කොවිඩ් තොරතුරු ඒකකයක් පිහිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කළේ කොවිඩ් -19 ආසාදනය වන සියලු රැඳවියන්ගේ තොරතුරු මෙම ඒකකයෙන් ලබාගැනීමේ හැකියාව පවතින බවයි.

ඒ අනුව 0114 677 101 අංකය ඔස්සේ බන්ධනාගාර කොවිඩ් තොරතුරු කේන්ද්‍රය අමතා බන්ධනාගාරගත රැඳවියා කොවිඩ් ආසාදිතයෙකු ද, නැද්ද යන්න පිළිබඳව තොරතුරු ඥාතීන්ට දැනගැනීමට හැකියාව පවතිනවා.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button